(නිමල කොඩිතුවක්කු)
වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ සෝඩා බෝතල් අලෙවියට තැබූ ඇල්ල ප්රදේශයේ වෙළඳ ආයතනයකට රුපියල් 260,000ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම ආයතනය රු. 120ක පානීය ජල බෝතලයක් රු. 200කට අලෙවි කර, කල් ඉකුත් වූ සෝඩා බෝතල් අලෙවියට තැබීම සම්බන්ධයෙන් මෙම දඩ මුදල නියම කර ඇති බව එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්රකාශ කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්රික් විමර්ශන නිලධාරීන් බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණයේ කැඳවූ නඩුවකදි විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල නියම කරන ලදී.
නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් හෝ වෙනත් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසද සභාපතිවරයා ඉල්ලිමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd