
(අංජුල මහික වීරරත්න)
නව අධ්යාපන ප්රතිසංස්කරණ ජනතාව වෙත රැගෙන යාමේ පුරෝගාමි පාර්ශ්වකරුවෙකු වන්නේ රටේ ජනමාධ්ය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රටක ඉදිරි ගමන තීරණය වන්නේ අධ්යාපනය මත බැවින් නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම පිළිබඳ ජාතික සංවාදයක් ඇති කළ යුතු බවද අග්රාමාත්යවරිය කීවාය.
නව අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ සත්ය සහ නිවැරදි තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා සකස් කළ 'RIES' (Reform Information & Enquiry Service) නිල වෙබ් අඩවිය එළිදැක්වීම සහ අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලිය පිළිබඳ විද්යුත් හා මුද්රිත මාධ්ය ආයතන ප්රධානින් දැනුම්වත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී පැවති වැඩසටහනට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළා ය.
නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද 'RIES' (Reform Information & Enquiry Service) වෙබ් අඩවිය මෙහිදී නිල වශයෙන් එළිදැක්වීම ද අග්රාමාත්යවරියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
ඒ අනුව, අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ මහජන ගැටලු යොමු කිරීම සඳහා https://edureformfact.moe.gov.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්රාමාත්යවරිය:-
මෙය විෂයමාලා වෙනසකට එහා ගිය සමස්ත අධ්යාපන ක්රමවේදයේම පරිවර්තනයක්. අපේ රටේ අනාගතය ගොඩනැඟෙන්නේ ගුණාත්මක අධ්යාපනයක් සමඟයි. ඒ නිසාම මේ නව අධ්යාපන ප්රතිසංස්කරණය අධ්යාපන අමාත්යාංශයේ වැඩකට එහා ගිය ජාතික කර්තව්යයක් ලෙස අපි දකිනවා.
අපි මේ වැඩසටහනේ එක් අදියරක් 2026 පළමු ශ්රේණියෙන් ආරම්භ කළා. 2027 වසරේදී කනිෂ්ඨ ද්විතීයික අංශයට එනම්, 6 ශ්රේණියට මෙම ප්රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු කරනවා, අධ්යාපන පද්ධතියේ සූදානම තහවුරු කරමින් ගුරු පුහුණු කිරීම්, යටිතල පහසුකම් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු ක්රමෝපායයන් රැසක් මේ වන විටත් ක්රියාත්මක කරමින් පවතිනවා යනුවෙන්ද අග්රාමාත්යවරිය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd