හෙන්රි පේද්‍රිස් ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරේ


(ඡායරූප / සටහන  - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් මුදවා ගැනීමේ සටනට නායකත්වය දුන් ජාතික වීරවර එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ශ්‍රීමතාණන්ගේ 102 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ හැව්ලොක් ටවුන් හි ඉසිපතන මාවත මංසන්දියේ පිහිටි පිළිරුව අසලදී අද (7) පැවැත්විණි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ මෙහෙයුම් උපදේශක ශාස්ත්‍රපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වූ අතර ඩී.එස්.අයි සමුහ ව්‍යාපාර කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුහ.      

හෙන්රි පේද්‍රිස් පිළිරුවට කුලතුංග රාජපක්ෂ මහතා මල් දමක් පැළඳවීමෙන් පසුව උත්සවය සඳහා පැමිණි පිරිස් පිළිරුවට පුෂ්පෝහාර දැක්වූහ.