‘යදමින් බැඳි අක්ෂර‘ ජනගත වෙයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා) 
 
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය කාලයේ බන්ධනාගාරගතව සිටියදී ලියන ලද ‘යදමින් බැඳි අක්ෂර’ නමැති කෘතිය ජනගත කිරීම අද(22) කොළඹ 07, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කෙරිණි. 
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත කෘතියේ මුල් පිටපත  විමල් වීරවංශ මහතා විසින් පිළිගැන්විණි. 
කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ අතර අචාර්ය කිරම විමලජෝති හිමි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ , මහාචාර්ය ගුණදාස අමරසේකර  යන මහත්වරු ඇතුළු පිරිසක් මුලසුන හෙබ වුහ.