(හර්ෂණ තුෂාර සිල්වා)
දහනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අර්බුදයක් නිර්මාණය වූ බවත් එම සංශෝධනය අවුලක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද (30) පස්වරුවේ පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය නොදීමට තීරණයක් ගෙන නැතැයි ද පක්ෂය කුමන තීරණයක් ගත්තත් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය දෙන්නේ යැයි ද හෙතෙම කීය.
ඇතැම් අය පක්ෂය හැර ගියද තමන් පක්ෂය හැර නොයන බවද ආචාර්ය සරත් අමුණුගම මහතා කීවේය.
පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන සෑම් විජේසිංහ මහතාගේ සිහිපත් කරමින් පැවැති පස්වැනි ගුණ සමරු දේශනය කරමින් ආචාර්ය සරත් අමුණුගම මහතා එම කරුණු කීවේය.
කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම ගුණ සමරු උත්සවය පැවැත්විණි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ තීරණ ඉක්මනින් ප්‍රකාශයට පත් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා පත් කරාවි.
විධායක ජනාධිපති ධුරය ගැන විතරක් නෙමෙයි තවත් බොහෝ කරුණු ගැන මේ දවස්වල සාකච්ඡා කෙරෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව මුකුත් කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනේ. ව්‍යවස්ථානුකූල වෙනස්කම් කරන්න ඕනේ පාර්ලිමේන්තුව හරහා.
විධායක ජනාධිපති ධුරය වෙනයම් දෙයක් ගැන තීරණයක් ගන්න කලින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරන්න ඕනේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ පළමු දින 100යේ. ඒ කාලයේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ විපක්ෂයටය. එතකොට සංශෝධන කළේ විපක්ෂයේ මන්ත්‍රීවරු. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මාර්ගයෙන් ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල අගමැතිවරයාට ලබාදීම තමයි බලාපොරොත්තු වුණේ. එහෙත් එය සාර්ථකව කරන්න බැරි වුණා. මොකද ආණ්ඩුව පත්වුණු මුල් දින 100 පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ විපක්ෂයට නිසා.
ඒ සංශෝධන සියල්ල කරන්න බැරි වුණා. සමහර කරන්න පුළුවන් වුණා. සමහර දේවල් කරන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර අර්බුද ඇති වුණා. වත්මන් අර්බුදයට මුලත් එයයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ලොකු අවුලක්.
මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය දෙනවා. මේ පක්ෂ දෙකේම ප්‍රතිපත්ති සමානයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට විරුද්ධයි. අපිට ගිහින් එක්සත් ජාතික පක්ෂයේ නැට්ටක් වෙන්න බැහැ. ඒක නිසා පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතුයි කියලා විශ්වාස කරනවා. එහෙම නොවුණත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ගමන් පෞද්ගලිකවම ගෝඨාභය රාජපක්ෂ මහතාට මගේ පූර්ණ සහයෝගය ලබාදෙනවා.
ඒ වගේම මෙතැනි කිසිම ගැටුමක් ඇතිවෙලත් නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය නොදෙන්න තීරණයක් අරගෙන නැහැ.
අපි පක්ෂයක් විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවද තනි තනියෙන් සහාය දෙනවද පක්ෂයෙන් ඉවත් වෙනවද කියන එක එකිනෙකට වෙනස්. තනි තනි පුද්ගලයන් ගන්නා තීරණ ඔවුන්ගේ පෞද්ගලික තීරණ. ඒවාට එක එක හේතු තියෙනවා. වැදගත් වන්නේ අපි පක්ෂයක් විදියට සහාය දෙනවද නැද්ද කියන දේ. ඒ වගේම අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවන්න කොතරම් කැප වෙනවද කියන දේ. කාලයත් එක්ක ඒ දේ බලාගන්න පුළුවන්.”