මේ දිනවල මෙරට කතා බහට ලක්වෙන උණුසුම්ම මාතෘකාව බවට පත්වී තිබෙන්නේ ජනාධිපතිවරණ වේදිකාවයි. 1978 දී සම්මත කරනලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු පළමු වරට තෝරා ගැනීම 1982 දී සිදු විය. ඉන් පසුව මේ වෙනතෙක් 1988, 1994, 1999, 2005, 2010, 2015, 2019 යන වසරවලදී ජනාධිපතිවරණ පවත්වා ඇත.
2024 ජනාධිපතිවරණය සඳහා මේ වනවිට නාමයෝජනා ලබා දී අවසන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නාම යෝජනා සඳහා අවශ්‍ය කරන කාරණා සම්බන්ධව විධිවිධාන, සංශෝධිත 1981 අංක 01 දරන පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතෙහි දක්වා ඇත. මෙම පනතෙහි 10 වැනි වගන්තියේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශයෙහි තේරීම් භාර නිලධාරියා නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව සහ මැතිවරණය පැවැත්වෙන දිනය සඳහන් විය යුතුය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවට සිදුකළ ප්‍රකාශයෙන් පසුව මැතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන සෑම දේශපාලන පක්ෂයක්ම දින හතක් ඇතුළත එසේ තරග කිරීම සඳහා වූ තමන්ගේ අභිමතය ලිඛිතව කොමසාරිස්වරයාට දැන්විය යුතු අතර 11 වැනි කොටස පරිදි කොමසාරිස්වරයා විසින් එම දේශපාලන පක්ෂයට පිළිගත් ඡන්ද ලකුණක් ලබා දිය යුතුය. අනුමත කරන ලද ඡන්ද ලකුණත් සම්බන්ධ ඕනෑම මතභේදයක් පිළිබඳ අවසන් තීරණය ඡන්ද කොමසාරිස්වරයා සතුය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (3) වගන්තියේ දක්වා ඇති පරිදි, පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයන් කණ්ඩායමක් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහා වූ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් කොට එක් නාම යෝජනා පත්‍රයක් භාරදිය යුතුය. නාම යෝජනා පත්‍රයේ සෑම ඡන්ද කොට්ඨාසයකින්ම තෝරා පත්කර ගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට තව තුනක් එකතු කරන ලද විට ලැබෙන සංඛ්‍යාවට සමාන නම් ප්‍රමාණයක් ඇතුළත් කළ යුතුය. නාම යෝජනා පත්‍රය පනතේ පළමුවැනි උපලේඛනයේ ‘ඒ’ ආකෘතියෙහි ආකාරයට සකස් විය යුතුය. සෑම අපේක්ෂකයෙකුම නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබීම පිළිබඳව තම කැමැත්ත තහවුරු කළ යුතු අතර නාම යෝජනා පත්‍රය අදාළ දේශපාලන පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමක් නම් කණ්ඩායම් නායකයා හෝ අත්සන් කළ යුතු අතර එම අත්සන් සාම විනිසුරුවරයෙකු හෝ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් සහතික කළ යුතුය.
නාම යෝජනා පත්‍රය, නාම යෝජනා භාරදීමට නියමිත කාලසීමාව තුළ සාමාන්‍ය රාජකාරි වේලාව තුළදී එම පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයා හෝ ඔහුගේ බලය ලත් නියෝජිතයෙකු විසින් තේරීම් භාර නිලධාරියා වෙත ඔහුගේ කාර්යාලයට ගෙනවිත් භාරදිය යුතුය. තේරීම් භාර නිලධාරියා සෑම නාම යෝජනා පත්‍රයකම පිටපතක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීමට බැඳී සිටියි.
1981 අංක 01 දරන පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ 16 වැනි වගන්තියට අනුව, ස්වාධීන කණ්ඩායමක කණ්ඩායම් නායකයා නාම යෝජනා භාර දෙන අවස්ථාවේ රු. 2000 ක තැන්පතුවක් තැබිය යුතු අතර එම කණ්ඩායම මැතිවරණයේ දී සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 1/8 කට අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගත හොත් එම තැන්පතුව රාජසන්තක වේ.
නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වෙන අවස්ථා 19 වගන්තියේ දක්වා ඇති පරිදි වේ. ඒවා නම් නීතියේ සඳහන්ව ඇති ආකාරයන්ට අනුකූලව භාර දී නොතිබීම, අවශ්‍ය කරන අපේක්ෂකයන් සංඛ්‍යාව නොමැති වීම, කිසියම් අපේක්ෂකයකු තම කැමැත්ත සහතික කොට නොතිබීම හෝ පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයාගේ අත්සන නොමැති වීම හෝ නීතියෙන් අපේක්ෂා කරන පරිදි එම අත්සන සහතික කොට නොතිබීම වේ. නාම යෝජනා පත්‍ර සඳහා විරෝධතා භාර ගැනීම නාම යෝජනා භාර ගන්නා අවසාන දිනයේ මධ්‍යහ්න 12.00 ත් ප.ව. 1.30 ත් අතර සිදු කරනු ලැබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස පරණ මුහුණු වගේම අලුත් මුහුණුත් ඉදිරිපත් වේ. මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය විමසා බැලීමේදී අවස්ථා කීපයකදීම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ මුහුණු මෙවරද දැකගත හැකිය.
මෙවර ජනාධිපති අපේක්ෂයකු වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඉදිරිපත් වේ. ඔහු මෙරට දේශපාලන භූමිකාව තුළ වඩාත් කැපී පෙනෙන චරිතයකි. 6 වරක් විපක්ෂනායක ධූරයේ සහ 6 වරක් අගමැති ධුරයේ කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අගමැති බවට පත්වූ තැනැත්තා ද වේ.
රනිල් වික්‍රමසිංහ ප්‍රථමවරට ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූයේ 1999 වසරේදීය. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2000 වසරේ දී වුවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක, ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී තිබෙන බලතල අනුව 1999 වසරේ දෙසැම්බර් 21 දී ජනාධිපතිවරණය කැඳවූවාය. 1999 ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයන් 13 දෙනෙක් ඉදිරිපත් වී ඇත. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා සහ චන්ද්‍රිකා කුමාරතුංගයි. ඊට අමතරව හඩ්සන් සමරසිංහ වැනි ප්‍රසිද්ධ චරිත ද එම ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් අතර සිටී. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වෙන්නේ නන්දන ගුණතිලකයි. මෙම ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ චන්ද්‍රිකා කුමාරතුංගයි. ඇය තරග වදින්නේ පොදු පෙරමුණ නියෝජනය කරමිනි. 51.12% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇය ජයගත් අතර රනිල් වික්‍රමසිංහට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 42.71% කි.
2005 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 13 දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් අතරින් ප්‍රධාන අපේක්ෂකයන් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ඔවුන්ගේ සහාය ලබාදෙන්නේ මහින්ද රාජපක්ෂටයි. ඔහු නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ මහින්ද රාජපක්ෂය. තියුණු සටනකින් පසුව මහින්ද රාජපක්ෂහට 50.29% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජනාධිපති ධූරයට පත්විය. එය ජනාධිපතිවරණ ඉතිහාසයේ තියුණුම ඡන්ද සටන වූ අතර ජයග්රාහකයාට අඩුම ප්‍රතිශතය වාර්තා වූයේ ද ඒ වසරේදීය. රනිල් වික්‍රමසිංහ යූ.එන්.පීයෙන් තරග කළ අතර ලබාගෙන තිබූ ඡන්ද ප්‍රතිශතය 48.43% කි.
2010 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 22 දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අතරින් ප්‍රධාන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවූයේ ඔහුටයි. මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී 57.88% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙවැනි ධූර කාලයට ද ජනාධිපති වූ අතර යූ.එන්.පී. වෙනුවට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් සරත් ෆොන්සේකා තරග කර පරාජය විය. ඔහු 40.15% ක ප්‍රතිශතයක් ලබා තිබිණි. මෙම ජනාධිපතිවරණය සඳහාත් රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය.
මෙවර ජනාධිපතිවරණයේ තවත් ප්‍රබල අපේක්ෂකයෙකු වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුතු වන මොහු, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ද වූ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා ලෙසින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වේ. ඔහු ප්‍රථමයෙන්ම ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වූයේ 2019 මැතිවරණයේදීය. එම නොවැම්බර් මාසයේ පැවති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය හිමිකර ගනු ලැබුවේ පක්ෂ නායකත්වයට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 13 කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජයට පත්විය.
අනෙක් ප්‍රධාන අපේක්ෂකත්වය දරනු ලබන්නේ අනුර කුමාර දිසානායකය. ඔහු ප්‍රථමවරට ජනාධිපති අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත් වෙන්නේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් 2019 වර්ෂයේදීය. 2019 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් (පොහොට්ටුව) තරග කළ ගෝඨාභය රාජපක්ෂ ජය ගත්තේ 52.25% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසට 41.99% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වූ අතර තුන්වැනි තැනට පත් වූ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ලැබූ ඡන්ද ප්‍රතිශතය 3.16% ක් විය.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙවර අපේක්ෂකයෙකි. ඔහු 2010 පැවති ජනාධිපතිවරණයේ ද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අෙයකු ලෙස තරග වැදුණේය. විරුද්ධ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විය. එම ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ඡන්ද 6,015,934 ක් ලබාගත් අතර සරත් ෆොන්සේකා මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 4,173,185 ක් පමණි.
බත්තරමුල්ලේ සීලරතන හිමි ද මෙවරත් ජනාධිපති අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වේ. 2015 පැවති ජනපතිවරණය සඳහා ජනසෙත පෙරමුණ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂයකු ලෙස නාම යෝජනා බාර දී තිබේ. එම පක්ෂයෙන්ම 2019 ජනාධිපතිවරණය සඳහා ද ඉදිරිපත් වී ඡන්ද 2700 ක් ලබා ගන්නා ලදී.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස නව මුහුණු රැසක් ඉදිරිපත් වී සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුතු වන නාමල් රාජපක්ෂ මෙවර ප්‍රථම වතාවට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වේ. පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යවරයෙකු ලෙස ඔහු කටයුතු කර ඇත. ඔහු පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරනු ලබන අපේක්ෂකයා වේ.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂෙයකු ලෙස ඉදිරිපත් වේ. සර්වජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා කොමියුනිට්ස් පක්ෂයෙන් තරග කරනු ලබයි. ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා ස්වාධීන අපේක්ෂකෙයකු ලෙස තරග කරනු ලබයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබූ අපේක්ෂකයන් වෙන්නේ සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්ඒ, . එස්. පී. ලියනගේ, පානි විජේසිරිවර්ධන, ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ, අජන්ත ද සොයිසා, බත්තරමුල්ලේ සීරලතන හිමි, සරත් ෆොන්සේකා, නුවන් සංජීව බෝපගේ, හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්, ජනක ප්‍රියන්ත කුමාර රත්නායක, කේ.කේ. පියදාස, මයිලවාගනම් තිලකරාජා, සිරිපාල අමරසිංහ, පාක්‍යසෙල්වම් අරියනේත්රන්ස, රත් කීර්තිරත්න, කේ. ආනන්ද කුලරත්න, නාමල් රාජපක්ෂ, අක්මීමන දයාරතන හිමි, කේ.ආර්. කිෂාන්පො, ල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ, විජයදාස රාජපක්ෂ, අනුර සිඩ්නි ජයරත්න, සිරිතුංග ජයසූරිය, මහින්ද දේවගේ, මොහොමඩ් ඉල්ලයාස්ල, ක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඇන්ටනි වික්ටර් පෙරේරා, කීර්ති වික්‍රමරත්න, දිලිත් සුසන්ත ජයවීර, සරත් මනමේන්ද්‍ර, මරක්කලමානගේ ප්‍රේමසිරි, ලලිත් ද සිල්වා, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, ඩී.එම්. බණ්ඩාරනායක, අනුර කුමාර දිසානායක, අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා, අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් යන අයයි.
|