(නිමල කොඩිතුවක්කු)
බොරු පොරොන්දු දෙමින් ආණ්ඩුව සෑදූ අහස් මාලිගා අද වන විට බොඳ වී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුව පන්නා දමමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව පත්කරගත්ත ජනතාවට අද සිදුව ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ දෙයක් යැයිද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේද කීය. ‘‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා මැතිවරණ ඉලක්ක කරගනිමින් අරලියගහ මන්දිරයේ දොරවල් පැය 24 ම විවෘත කරගෙන දන්සල් දුන්නා. රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපල අවභාවිතා කරමින් ඔවුන් ඒ සියල්ල තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණ වෙනුවෙන් යෙදෙව්වා.
රජ්‍ය දේපල, රාජය මුදල් සුරක්ෂිත කරමින් අනවශ්‍ය වියදම් කපාහරිමින් ආදර්ශමත් පාලනයක් ගෙන යන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදි පැවසුවා. වාහන දෙක තුනක් පාවිච්චි කරනවිට, ආරක්ෂාව අඩු කරන විට, වියදම අඩු කරනවිට රටේ ජනතාවටත් ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනැගුණා.
නැවත වරක් ඔවුන් මේ සෙල්ලම පටන් ගෙන තිබෙනවා. දැන් ලබන සතියේ සිට අරලියගහ මන්දිරය ඉලක්ක කරගනනිමින් යලිත් දන්සල් සෙල්ලම ආරම්භ කරලා තියෙනවා. විවිධ උත්සව යොදාගනිමින් පවල් පිටින් අරලියගහ මන්දිරයට ගෙනල්ලා කන්න බොන්න දීල් සතුටු කිරිමේ වැඩපිලිවලක් ආරම්භ කරලා තියෙනවා.
රජ්‍ය දේපල, රාජය මුදල් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට යොදාගැනිම එක්සත් ජාතික පක්ෂය විදියට අපි තදින්ම හෙලා දකිනවා. පසුලගිය අවුරුදු හතරහමාර තුළ අපි රජ්‍ය දේපොළ, රාජය මුදල් මේ විදියට අවභාවිතා කලේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා වංචාව, දූෂණය ප‍්‍රතික්ෂේප කරලා අලූත් රටක් ගැන හිතනවනම් මේ දේවල් නතර කරන්න කියලා විපක්ෂය විදියට අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා.
අද මේ අය රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා, ජනතාවට කොකා පෙන්නලා අලූත් ගමනක් යන්න ලෑස්ති වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ මේ ආණ්ඩුව වේදිකාවක් වේදිකාවකක් ගානේ කෑ ගැහුවා වතු තකම්කරු වැටුප රුපියල් 1000 ක් කරනවා කිව්වා. කැබිනට් තීන්දුවක් ගෙන ඔවුන් දැන් මේ තීරණය ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කළා. ඒත් මේක කරන ක‍්‍රමවේදයක් නැහැ. වතුකම්කරුවන්ට තියා රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න විදියට මේ ආණ්ඩුවට මුදල් නැහැ.
දැන් මේ රුපියල් 1000 ගෙවා ගන්න බැරුව බන්දුල ගුණවර්ධන සහ තොන්ඩමන් අමාත්‍යවරුන් 1000 නොදුන්නොත් වතු ටික රජයට පවරා ගන්නවා කියලා වතු හිමිකරුවන්ට තර්ජනය කරනවා. මෙයට පෙරත් මේ අය වතු පවරාගෙන තේ කර්මාණ්තය සම්පූර්ණයෙන්ම කඩා වැට්ටුවා. ඒ කඩා වැටීම තමයි අදටත් අපේ ආර්ථිකයට බරපතල ලෙස දැනිලා තියෙන්නේ.
බොරු පොරොන්දු දුන්න පලියට කැබිනට් පත‍්‍රිකා දාලා බයිපෝස් එකෙන් ගන්න හදනවනම් ඒක මේ ආණ්ඩුව පොට වරද්දා ගැනීමක් කියලා අපි කියනවා. ආණ්ඩුවේ මේ වැඩපිළිවෙලින් වෙන්නේ තවදුරටත් වතු කම්කරුවා කබලෙන් ලිපට වැටීමයි. මේ රුපියල් 1000 දීමනාව මාර්තු පළවෙනිදට කලින් ගෙවන්න කියලා අපි ආණ්ඩුවක් කියනවා. අද මේ ආණ්ඩුව දිනෙන් දින වැඩ බැරි ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. දීපු පොරොන්දු අද පුස්සක් වෙලා තියෙනවා.
මේ යහපාලන, නීතිගරුක ආණ්ඩුවේ ඉන්න මූණු ටික ගත්තම එක්කෙනෙක් දෙන්නෙක් හැර අනිත් සියලූ දෙනාම නඩු භාන්ඩ බවට පත්වෙලා තියෙනවා.