
(රෝෂන් තුෂාර)
අධිකරණ තුනකින් වරෙන්තු ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බැංකු නිලධාරියෙකු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැලණියේ පදිංචි දමිත් අන්ජන වනිගසේකර සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකාර හිමියන්ට වරෙන්තු නිකුත් කර ඇති බව දැන දැනම සැකකරු විසින් රාජගිරියේ සිට ඇල්පිටිය ප්‍රදේශයට ස්වාමීන් වහන්සේව සිය මෝටර් රථයෙන් ප්‍රවාහනය කර ඇති බවය.
රටේ පවතින තත්කාලීන නීතියට ගරු නොකරමින් , අධිකරණ නියෝග වලට අවනත නොවී දණ්ඩ නීති සංග්‍රහයේ වරදවල් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd