රොමේෂ් මධුෂංඛ
දෙමළ ජනතාවගේ ප්‍රශ්න අමතක කර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වී සැප ජිවිත ගත කළ නිසා තමාට නව පක්ෂයක් නිර්මාණය කිරීමට සිදුවු බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
යාපනයේ නාගර්කෝවිල් හී සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරණ දෙමළ ජනතා එකමුතුව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ කීය.
2013 උතුරු පළාත් සභාවට දෙමළ සන්ධානයෙන් තරග කළා. ඉන් ජයග්‍රහණය කර උතුරු පළාතේ මහ ඇමැති ලෙස පත්වුණාම මගේ ධූරකාලයේ ජනතාවට සේවාවක් කරන්න පුළුවන් කියලා තමයි හිතාගෙන හිටියේ.
ඒ වගේම අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිතට එකඟව කටයුතු කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා නමුත් කාලයක් ගියාට පසුව මට ඇත්ත තත්ත්වය තේරුණා.
මේ ප්‍රතිපත්ති ප්‍රකාශ වේදිකාවල කථා සියල්ලම මැතිවරණ කාලයේ දී ජනතාව රැවටීමට හදපු බොරු ලේඛන කියලා මම තේරුම් ගත්තා. මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂය ජනතාවගේ යහපත ගැන හිතන්නේ නැහැ කියලා .
නමුත් ඒ හැම වෙලාවෙම මොකක් හරි කියලා සෑහිමකට පත්කලා මිස ජනතාවගේ පැත්තට හැරුණේ නැහැ. ඊට පසුව මම මගේ තීරණ වෙනස් කරගෙන ජනතාවට වැඩකරන අයව එකතු කරගෙන තනිවම ගමන් කරන්න හිතලා මගේ ධූර කාලය අවසන් වූ ගමන්ම අලුතෙන් පක්ෂයක් හැදුවා. එමගින් ජනතාවට හැකි උපරිමයෙන් සහනයක් දෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ එයට ඕනෑම අයකුට එක්වන්න අවස්ථාව තියනවා යනුවෙනි.