(මුදිතා දයානන්ද)
“අපි අපේ ප්‍රතිවාදියාව ජනතාව නමැති සටන් බිමේදි පරදවන්න සුදානම් වෙද්දි ඊට ආත්ම ශක්තියක් නැති සජිත් පේ‍්‍රමදාස මහතා තමන්ගේ ප්‍රතිවාදියාට එරෙහිව අධිකරණවල රස්තියාදු වෙනවා” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (30) පැවසීය.
ඔහු මෙසේ පැවසුයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේදි පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි ඔහු මෙසේද පැවසීය.
“දැන් එක්සත් ජාතික පක්ෂය ගෝඨාභය මහතාගේ හැඳුනුම්පත් දෙකක් ගැන කතා කරනවා. මම අලුතෙන් ගත් හැඳුනුම්පත මේ තියෙන්නේ (ඔහුගේ හැඳුනුම්පත මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින්). මේකේ අංකය දක්වා තියෙන්නේ 1970 ලෙසිනුයි. ඒත් මගේ පරණ හැඳුනුම්පතේ දැක්වෙන්නේ 70න් පටන් අරගත් අංකයක්. මේ දෙකේ අංක වෙනස් වන්නේ නව හැඳුනුම්පත් නිකුත් කරන ආකාරය අනුවයි. ගෝඨාභය මහත්තයා තමන්ගේ නව හැඳුනුම්පතේ අංකය දක්වා වරහන් ඇතුළේ පරණ අංකය දැක්වුවාම, හැඳුනුම්පත් දෙකක් - අංක දෙකක් කියලා රාජිත සේනාරත්න මහතා කියනවා. මේ දැන දැනම ජනතාව නොමග යවන්න දරන උත්සාහයක්. ඔවුන්ට ආත්ම ශක්තියක් නැහැ තමන්ගේ ප්‍රතිවාදියාට මුහුණ දෙන්න. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ ප්‍රතිවාදියා තරගයෙන් ඉවත් කර දිනුම ගන්නයි.
රාජිත මහත්තයා කියනවා ගෝඨාභය මහතා නඩුවෙන් පරදිනවා, ඔහුට ඡන්දේ ඉල්ලන්න වෙන්නේ නැහැ කියලා. ඔහු කොහොමද එහෙම කියන්නේ. මේක නඩුවට කරන බලපෑමක්. මේ විදිහට බොරු ප්‍රචාර කරමින් ඔවුන් උත්සාහ කරන්නේ ගෝඨාභය මහතාට ඡන්දේ දෙන්න බලාගෙන ඉන්න පාවෙන ඡන්දවලට බලපෑම් කරන්නයි. ඔවුන් මන්දෝත්සාහී කරන්නයි. පුරවැසිකම පිළිබඳ සියලු ලේඛන දැන් අපි ඉදිරිපත් කළා. ඒ නිසා මේ නඩුවෙන් ගෝඨාභය මහතාගේ අපේක්ෂකත්වයට කිසිම බලපෑමක් වන්නේ නැහැ” යැයි ද ඒ මහතා කීය.
‘ප්‍රතිවාදියාට එරෙහිව සජිත් අධිකරණවල රස්තියාදුවෙනවා’
Recommended Articles