(නිමල කොඩිතුවක්කු)
මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට ගෙන හමුදාවට තාක්ෂණික දැනුම ලබා දෙන ප්‍රධාන විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (10) පැවැසූහ.
ඒ අනුව ශ්‍රී ලංකා හමුදාවෙන් 50% ක සියලූ ජාතීන් හා ජනවර්ග නියෝජනය වන ලෙසට 50% වන ලෙස මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කළහ.
අතුරලියේ රතන හිමියන් මේ බව පැවැසුවේ රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම යෝජනාවට අදාළ කෙටුම්පත් නීතයානුකූල කටයුතු ඉදිරි දින 10 තුළ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ උන්වහන්සේ මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සමග සාකච්ඡා කරන බව සඳහන් කළහ.