(නාලක සංජීව දහනායක)
ආණ්ඩුව යකඩ මිනිස්සු ගැන දැන්වීම් දාන විට ඇත්තම ඇත්ත යකඩ මිනිස්සු තමන්ගේ විශ‍්‍රාම වැටුප ලබාගැනීමට අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් දුම්රියපළ ඉදිරිපිට සටනක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (15) පැවැසීය.
ආණ්ඩුවේ ප‍්‍රචාරණය හා මහපොළවේ යථාර්තය අතර තිබෙන්නා වූ පරස්පරතාවයට හොඳම නිදසුන එය යැයි ද ඔහු කීය.
මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ ද පැවැසීය.
සජිත් පේ‍්‍රමදාස මහත්තයා අද රණවිරුවෝ ගැන කතා කරනවා. ආණ්ඩුව රණවිරුවන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා විට සජිත් පේ‍්‍රමදාස මහත්තයා හිටියේ කොහෙද කියල අපි අහනවා. රණවිරුවන්ට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට කැබිනට් මණ්ඩලයේදී, පාර්ලිමේන්තුවේද ඔහු අත ඉස්සුවා. ආණ්ඩුව යකඩ මිනිස්සු ගැන දැන්වීම් දානවා. ඒත් ඇත්තම ඇත්ත යකඩ මිනිස්සු අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් තමන්ගේ විශ‍්‍රාම වැටුප ගන්න කොටුව දුම්රියපළ ඉදිරිපිට සටන් කරනවා. ඒ මිනිස්සුන්ට උදව් කරන්න ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. නමුත් ආණ්ඩුව ඒ අවස්ථාව මග හරිනවා. මේ ආණ්ඩුවේ ප‍්‍රචාරණයයි, මහපොළවයි අතර තියෙන පරස්පරතාවයට හොඳම නිදසුන ඒකයි. මේ වනවිට මුළු රටම රාජ්‍ය යාන්ත‍්‍රණය දරුණු කඩාවැටීමකට ලක්වෙමින් තිබෙනවා. නමුත් රනිල් - සජිත් ගැටුමට මුවාවෙලා ඒ සියල්ල යට ගහන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නවලට මේ ආණ්ඩුවට කිසිම විසඳුමක් නැහැ.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.