(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම කෙරෙහි තම පක්ෂයේ උනන්දුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (16) පැවසීය.
මුස්ලිම් කොන්ග්‍රසයේ නිර්මාතෘ ඒ.එච්.එම්. අශ්රෆ් මහතාගේ 19 වන ගුණ සැමරුම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී හකීම් මහතා මේ බව පැවසීය.
ඇමතිවරයා මෙසේද කීය .
"එක්සත් ජාතික පක්ෂයෙන් ජනප්‍රිය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි කියන විශ්වාසයෙන් අපි ඉන්නවා. නමුත් තවම ඒ පිළිබඳව හරි තීරණයක් ලැබුණේ නැති පාටයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උපදෙස් අනුව සජිත් ප්‍රේමදාස මහතා සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කළා. අපේ පක්ෂය සමඟත් සාකච්ඡාවක් කළා.
එතුමාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ශය ජනප්‍රිය අපේක්ෂකයෙකු ගැන කතා කරන අවස්ථාවක කරූ ජයසූරිය මහතා කොයි වගේ තැනකද ඉන්නේ කියන එක ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපි හිතන්නේ ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.