කාල් ජොන්ස්ටන් නමැති පුද්ගලයා ඔහුගේ මිත්තණියට නත්තල් තෑග්ගක් වශයෙන් වටිනා ෂෙරි බෝතලයක් මිල දී ගෙන, අන්තර්ජාලයේ ඇමේසන් වෙබ් අඩවියෙන් එය ඇයට යැවීමට කටයුතු සූදානම් කළේය. ඇමේසන් වෙතින් ලබාගත් භාණ්ඩ බෙදා හරින රියැදුරු, මිත්තණියගේ නත්තල් තෑග්ග ද රැගෙන ඩර්හැම් හි ඇගේ නිවෙස වෙත ළඟා විය.
බීම වර්ග ගෙන ගොස් භාරදීමේදී, ඒ තැනැත්තා අවුරුදු 18ට වැඩි විය යුතුය යන්න ඇමේසන් සමාගමේ නීතියකි. එසේ නිසි වයස තහවුරු කිරීම සඳහා භාණ්ඩය ලබාගන්නා තැනැත්තා අයැදුම්පත ඉදිරිපත් කළ යුතුය. මෙවැනි බීම වර්ගයකු භාර ගැනීමට ඇය අවුරුදු 18ට වැඩි අයෙක් බව ඔප්පු කරන සාධකයක් නොමැති බව පැවසූ රියැදුරු එය නැවත රැගෙන ගියේ මිත්තණිය සතුව අයැදුම්පත නොවූ බැවිනි. ඇගේ වයස අවුරුදු 92කි. සැර බීමක් භාවිතයට ගන්නට ඇය ඕනෑවටත් වයස බව ඕනෑම මෝඩයෙකුට වුවත් තේරෙන කරුණකි.
ඊළඟ දිනයේ ඔහු නැවත පැමිණි විට ඇය සිය බස් ටිකට්පත පෙන්වා පාර්සලය ලබා ගැනීමට උත්සාහ කළ ද, එවර ද රියැදුරු එය ප්‍රතික්ෂේප කළේය. මේ සිද්ධිය පිළිබඳව විමසීමේදී ඇමේසන් සමාගම පවසා තිබෙන්නේ අවුරුදු 18ට වඩා වැඩි බව ඔප්පු කරන්නට අයැදුම්පත හෝ ගමන් බලපත්‍රය වැනි ලියවිල්ලක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවත්, බස් ටිකට්පතක් ප්‍රමාණවත් නොවන බවත් ය.
නිසංසලා