අල්ලපු රටෙන් ඔවදනක්
නිරෝගී දිවියකට, සමබල ආහාර සහ සමබර ජීවන රටාව ඉතා වැදගත්ය. සමබල ආහාර ගැනීම, සමබර ජීවන රටාවකට යොමුවීම, උදේ සවස ජීවිතය වෙනුවෙන් සටනක යෙදෙන අපට පහසු කාර්යයක් නොවෙයි. නින්ද, නිරෝගී දිවියකට අත්‍යාවශ්‍යය. රාත්‍රියට පැය 8ක් හෝ 9 ක් නිදා ගැනීම අනිවාර්යය.
කෙසේ නමුත්, රාත්‍රියට පැය 9කට වඩා නිදා ගැනීමත්, සවසට පැයකට වඩා වැඩි කෙටි නින්දකට යෑමත් සෞඛ්‍යයට අහිතකරය. මෙසේ පවසන්නේ චීනයේ ස්නායු රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකි. නින්ද සම්බන්ධයෙන් මොවුන් කළ අධ්‍යයනයක වාර්තාවක් ‘නියුරෝලොජි’ නමැති වෛද්‍ය සඟරාවේ පළ වී ඇත. චීන වෛද්‍ය කණ්ඩායම, ඔවුන්ගේ අධ්‍යයනය සඳහා නිරෝගී පුද්ගලයන් 31,750 දෙනකු සම්බන්ධකර ගෙන තිබේ. ඔවුන් සැවොම වයස 65ට වැඩි පිරිස්ය.
වසර 6 ක් තිස්සේ මෙම පිරිස අධ්‍යයනයට ලක් කෙරුණේ, ඔවුන්ගේ ජීවන රටාව (විශේෂයෙන් නිදා ගැනීම සම්බන්ධයෙන්) දත්ත රැස් කරමිනි. සියයට 24ක පිරිසක් රාත්‍රියට පැය 9 කට වඩා නිදා ගන්නා අතර, සියයට 8 ක්, සවස් කාලයේ විනාඩි 90 කට වඩා නිදා ගන්නා බව ඒ අනුව පැහැදිලි විය. රාත්‍රියේ පැය 9 ට වඩා නිදා ගන්නා සහ සවස් කාලයේ විනාඩි 90 කට වඩා නිදා ගන්නා 1,557 දෙනකු අඝාත තත්ත්වයන්ට ලක් වුණු බවත්, තවත් අය හෘදයාබාධවලට ලක් වුණු බවත් අනාවරණය විය.
රාත්‍රියේ පැය 9 ට වඩා නිදා ගන්නා නමුත් දිනපතා සවස කෙටි නින්ද විනාඩි 30 කට සීමා වන අය හෘදරෝගවලට ලක්වීමේ ප්‍රතිශතය අඩු බව පැවැසෙයි. ‘වැඩි නින්ද පමණක් නොවෙ අඩු නින්ද ද ඔබ රෝගී කරනවා. පැය 8ට වඩා අඩුවෙන් රාත්‍රියේ නිදා ගන්නවා නම් හෝ එක දිගට පැය 8 ක් රාත්‍රියේ නිදා ගැනීමට නොහැකි නම්, එය ද ඔබේ සෞඛ්‍යයට අහිතකරයි’ යැයි චීන ස්නායු රෝග වෛද්‍ය කණ්ඩායම පෙන්වා දී තිබේ.
ලුසිත ජයමාන්න
‘ද වීක්’ හෙල්ත්
සප්ලිමන්ට් ඇසුරිනි