“ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ජ.වි.පෙ පාරට බසිති’’


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සමව ලබා දෙන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පුත්තලම නගරයේ විරෝධතාවයක (16) වන දින නිරත වූහ.

පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවය සදහා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් එක්ව සිටි අතර, පැයකට ආසන්න කාලයක්  පෝස්ටර්, බැනර්, කටවුට් ඔසවමින් නිහඩ විරෝධතාවයක නිරත වුහ.

මෙහිදී විරෝධතා කරුවන් පවසා සිටියේ කොරෝනා වසංගතයත් සමග දරුවන් අධ්‍යාපන කටයුතු වල නිරත වද්දි දෙමාපියන්ට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අධික වියදමක් දැරීමට සිදුව ඇති බවයි.

මේ හේතුව නිසා සමස්ථ දරුවන්ට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් රජය නොමිළේ ලබා දීමට කඩිනමින් කටයුතු කර දෙන ලෙසය.

ඒ සමගම මේ වන විට අඩාල වී ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ක්‍රමවේදයන් යටතේ ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවත්, එය කඩිනමින් ලබා දීමට කටයුතු කල යුතුව ඇති බවත්, මෙහිදී විරෝධතාවයට එක්වූ පුත්තලම දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ කැදවුම්කරු අජිත් ගිහාන් මහතා පැවසීය.