ප්රියන්ත කොඩිප්පිලි
ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජයගනු ඇත්තේ සීයට හැටක පමණ ඡන්ද ප්රතිශතයක් ලබමින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඒ තත්ත්වය ඉදිරි දින කීපය තුළ තවත් ඉහළ යා හැකි බවත්, දැනට පළවන සමීක්ෂණ වාර්තා අනුව ඇතැම් ප්රදේශවල මෙම ප්රතිශතයට වඩා වැඩි ප්රමාණයක ඡන්ද ජාජබ අපේක්ෂකයාට ලැබෙනු ඇතැයිද ටිල්වින් සිල්වා විශ්වාසය පළ කළේය. මෙවර ජනාධිපතිවරණයේ දී ජාජබ අපේක්ෂක අනුර දිසානායකගේ ජනප්රියත්වය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප කළ විමසුමකදී ටිල්වින් සිල්වා මේ බව පැවසීය.