සුජිත් හේවාජුලිගේ
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එම කටයුතු කරයි.
පරණ නාම යෝජනා අහෝසි කිරීමෙන් 2022 වසරෙන් පසු අලුතින් එක් වූ ඡන්ද දායකයන් ලක්ෂ දහයකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී නාම යෝජනා කැඳවනු ලැබීය.
දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයෝ 80, 672 දෙනෙක් මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළහ.
පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිසේ රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිති.
නාම යෝජනා දුන් මෙම අපේක්ෂකයන් පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.