නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය සමග එක්වීම සඳහා ආණ්ඩුවේ මන්ත්රීවරුන් හත්දෙනෙකු එකඟතාව පළ කර ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඔවුන් සමගි ජන සන්ධානයට එක්කරගැනීම සහ සන්ධානයේ පැවරෙන වගකීම් සම්බන්ධයෙන් මේ දිනවල අවසන් වටයේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
ආණ්ඩුව නියෝජනය කළ මහාචාර්ය ජී. එල්. පීරිස්, චන්දිම වීරක්කොඩි, ෂාන් විජයලාල්ද සිල්වා, ඩිලාන් පොරේරා, නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්රීවරුන් රැසක් මේ ෙවනවිටත් සමගි ජන සන්ධානයට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී ඇති බව ඔහු කීවේය.
සමගි ජන සන්ධානය ඉදිරි සති කිහිපයේදී එළිදැක්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බවත්, ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලුම මැතිවරණවලට එම සන්ධානය යටතේ තරග කරන බවත් මහලේකම්වරයා තවදුරටත් පැවසීය.