උපුල් වික්‍රමසිංහ
ඉන්දුනීසියාව සමග නිදහස් වරණීය ගිවිසුමකට (PTA) එළැඹීමට අදාළ සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා එරටට අපනයනය කළ හැකි භාණ්ඩ මොනවාද යන්න ගැන සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ඉල්ලීම් ලැයිස්තුව (Offer List) සකස් කළ පසු ලබන ජූලි මස මැදභාගයේදී මීළඟ සාකච්ඡා වටය පැවැත්විය හැකි බවත් රජයේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ඉන්දුනීසියාව ඔවුන්ගේ ඉල්ලීම් ලැයිස්තුව සකස් කළ පසු දෙරටේම ඉල්ලුම් ලැයිස්තු පදනම් කරගෙන සාකච්ඡා පවත්වා අවසන් එකඟතාවට පැමිණීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද එම ප්‍රකාශකයා කීවේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, 2023 දී ශ්‍රී ලංකාව ඉන්දුනීසියාවට අපනයනය කර ඇති භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 49.01 ක් ෙවන අතර ඉන්දුනීසියාව අදාළ වසරේදී මෙරටට අපනයනය කර ඇති භාණ්ඩවල මුළු වටිනාකම ඩොලර් මිලියන 375.51 කි. මේ අනුව, ඩොලර් මිලියන 326 ක ශ්‍රී ලංකාවට අවාසිසහගත වෙළෙඳ හිඟයක් 2023 වසරේදී වාර්තා කර ඇත. දෙරට අතර නිදහස් වරණීය ගිවිසුමට එළැඹීමෙන් පසු මේ වෙළෙඳ හිඟය අවම කර ගැනීමට හැකි වනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ මත පළ කරති.
මේ අතර කලාපීය විස්තීර්ණ ආර්ථික සහයෝගිතා (RCEP) ගිවිසුමට අතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව යොමු කළ ඉල්ලුම්පත්‍රය (letter of intent)ට එහි අනුමැතිය ලැබුණු පසු සාකච්ඡා ආරම්භ කිරීමට හැකි වෙතැයි ද
අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත්
සඳහන් කළේය.