උතුරු පළාත් සභාවේ කටයුතු ගැන විශ්වාසයක් නෑ


(දයාසීලි ලියනගේ)
උතුරු පළාත් සභාවට වැඩිපුර බලතල ඉල්ලීමට පෙර නිසිලෙස හා විධිමත් ලෙස පළාත් සභාවේ කටයුතු මෙහෙයවා ආදර්ශයක් දිය යුතුව ඇතැයි ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා උතුරේ මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.


පළාත් සභාවේ ඇමැතිවරු දෙදෙනකුට දූෂණ චෝදනා එල්ලවී තිබිය දී උතුරු පළාත් සභාවේ කටයුතු පිළිබඳව විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවද ඇමැතිවරයා දන්වා යවා ඇත.


උතුරු පළාත් සභාව පිහිටුවීම සම්බන්ධයෙන් මූලිකත්ව දැරූ තමන්ට පළාත් සභාවේ කටයුතු පිළිබඳවය සොයාබැලීමට අයිතියක් හා වගකීමක් ඇති බවද සඳහන් කරයි.