උරුමය ඔප්පු බෙදිල්ල වෙනුවට මහවැලියෙන් ලියුම් බෙදිල්ලක්


උදිත ගයාෂාන් ගුණසේකර
මහවැලි කලාපයේ පදිංචිකරුවන්ට “උරුමය” ඔප්පු ප්‍රදානය කිරීම මැතිවරණ කාලයෙහි අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම විසින් නියෝග කර ඇති හෙයින්, ඔප්පු වෙනුවට ඒ බව සඳහන් ලිපි බෙදීමේ සූදානමක් පවතින බව ඉරිදා ලංකාදීපයට වාර්තා වේ. 
මේ බව අනාවරණය වෙන්නේ ඔප්පුලාභීන්ගේ නම් හා ලිපින ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මහවැලි කලාපවල නේවාසික ව්‍යාපාර කළමනාකාරවරු (RPM/DRPM-Land) වෙත කළ දැනුම් දීමකිනි.

මහවැලි කලාපයේ දැනට සකස් කර ඇති ඔප්පු ලක්ෂයකට අධික ප්‍රමාණයක් නිකුත් කිරීමට විධිවිධාන යොදා ඇති අතර, ඒවා මැතිවරණයෙන් පසු නීත්‍යනුකූල ක්‍රමවේදය අනුව බෙදාදීමට නියමිතව ඇත. 
එහෙත් මැතිවරණ අල්ලසක් ලෙස ඔප්පු ලබා දෙන බව සඳහන් ලිපි බෙදා දී එමගින් අයථා දේශපාලන වාසියක් ලබාගැනීමට කූට උත්සාහයක් දරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.