කෘත්‍රිම බුද්ධිය සමග කෘෂිකර්මයේ අලුත් ගමනක්


AI Grow සමාගමේ කෑගල්ල නෙළුම්දෙණිය හරිතාගාරය  වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්ෂණය සමග කෘෂිකාර්මික මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කළේය.
AI Grow සමාගමේ ප්‍රධානී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් නිපදවා  තිබෙන ඉලෙක්ට්‍රික්  ත්‍රීරෝද රථ සහ යතුරු පැදි  නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් විය. 
අනතුරුව එම පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා සැලසුමකට අනුව කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට හඳුන්වාදීමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය මූල්‍ය සහය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් බවත් පැවසීය.