කොළඹ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ තීන්දුවක්


නිමල කොඩිතුවක්කු


කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද පැවසීය.
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා ​ෙවන චක්‍රලේඛය සති දෙකක් ඇතුළත සියලුම රාජ්‍ය ආයතනවලට ලබා දෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින කුඩා ජල මාර්ග හා පැති කාණු අවහිර වීම ජල ගැලීම්වලට ප්‍රධාන හේතුව බවට හඳුනාගෙන ඇතැයි ඔහු කීවේය. කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම මඟින් ජල ගැලීම් පාලනය කිරීමට හැකි බව ද ලේකම්වරයා සඳහන් කළේය.
අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රීති සම්පාදනය කිරීමට සියලු‍ම රාජ්‍ය ආයතන සමඟ එක්ව පොදු සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පැවසීය.