ඡන්දපොළේ කලබල කළොත් වෙඩි මැකෝගෙන් පොලීසියට උපදෙස්


සුජිත් හේවාජුලිගේ
ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරමින්  මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන් සහ මැර කණ්ඩායම් පාලනය සඳහා වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එවැනි කලබල කරන පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමටද  මැතිවරණ කොමිසම පොලීසියට උපදෙස් දී ඇත.

.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර රට පුරා අනවසර ගිනිඅවි සහ පාතාල කල්ලි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ගැනෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. රට පුරා අනවසර ගිනි අවි ලක්ෂ දෙකක් පමණ පවතින බවට ආරක්ෂක අංශ අනුමාන කරයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා පැවැත්වේ. ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ ලක්ෂයකි. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට ඡන්දදායකයන් ලක්ෂ දහයක පමණ පිරිසක් අලු‍තින් එකතු වී සිටින බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.