ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේ 25 වැනි අදියර ජනවාරි මස 7 වැනිදා සවස 6.00 සිට ගල්කිස්ස මහ හෝටලයේ දී පැවැත් වේ.
2023 වසරේ දක්ෂතම මාධ්‍යවේදීන් ඇගැයීමට ලක් කෙරෙන මෙවර සම්මාන උෙළලේ දී පුවත්පත් මාධ්‍ය්‍යට විශිෂ්ට සේවයක් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 5 දෙනකු ඇගයීමද සිදුකෙරේ. මෙම දීර්ඝ සේවා සම්මානය මෙවර පිරිනැමෙන්නේ චන්ද්‍රිකා විජේසුන්දර,යෝගා මූර්ති, එන්.එම්. අමීන්, බෙනට් රූපසිංහ සහ සනීටා කරීම් යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් වෙතය.