ජනාධිපතිවරණය ගැන සජබ පක්ෂ නායක හමුවක්



නිමල කොඩිතුවක්කු


ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක් ලබන බ්‍රහස්පතින්දා (1දා) පැවැත්වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම විශේෂ හමුවේදී ඉදිරි ජනාධිපතිවරණය සහ සමගි ජන සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු 8 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය.

සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  මන්ත්‍රීවරුන් 30කට අධික පිරිසක් මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බවත් මහලේකම්වරයා කීවේය. නව සන්ධානයේ වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේදී රටට එළිදක්වන බවද ඔහු තවදුරටත් පැවසීය.