උපුල් වික්‍රමසිංහ
ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ණය හිමියන් සමග ඇති කර ගත් මූලික එකඟතා, අවබෝධතා ගිවිසුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය මේ ෙවන විට අවසාන අදියරේ පවතින බවත්, ඉතා ඉක්මනින් ඒවාට අස්සන් තැබීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ණය හිමියන් මෙරටට ලබා දීමට එකඟ වී ඇති සහන මොනවා දැයි ඉරිදා ලංකාදීපය කළ විමසීමේදී අමත්‍යවරයා සඳහන් කළේ, අවබෝධතා ගිවිසුම් සකස් කිරීම මෙතෙක් අවසන් කර නැති හෙයින් මේ අවස්ථාවේ ඒ ගැන කිව නොහැකි බවය.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ද මේ වනවිට පැවැත්වෙන බැවින් ඒවාත් ඉක්මනින් අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද සේමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
ජූනි 12 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකමෙහි දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව කී ඒ මහතා ඒ අනුව එහි තුන්වැනි වාරිකය වන ඩොලර් මිලියන 330 ක මුදල රටට ඉක්මනින් ලැබෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.
මීට ඉහතදී නිවේදනයක් නිකුත් කරමින් සේමසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායෙහි ප්‍රගතිය ඇගයීමට ලක් කෙරෙනු ඇති බවය. ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවලින් ලබා ගෙන ඇති ඩොලර් බිලියන 10කට වැඩි ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත අතර ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය (ISB) ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඩොලර් බිලියන 12 ඉක්මවන ණය
මුදලක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරනු ඇත.