තනතුර අහෝසි වුණත් මන්ත්‍රීවරියක ලෙස ඩයනා ගත් තීන්දු අහෝසි නොවේ


සුජිත් හේවාජුලිගේ 


ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරුණද ඇය  මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක්  අහෝසි නොවන බව  පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රීවරියක ලෙස සිටියදී ගත් තීරණ කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 69 වගන්තිය අනුව  අහෝසි නොවන බවය.
ඒ අනුව පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කිරීමේදී ඇය ලබා දුන් ඡන්ද මෙන්ම අනෙකුත් තීරණ ද අහෝසි නොවේ.
එසේම  ඇය මන්ත්‍රී ධුරය දැරූ කාලසීමාවේදී රජයෙන් ලබා ගත් වැටුප් සහ වෙනත් වරප්‍රසාද අහෝසි වී යන්නේ හෝ නැවත ලබාදීමට සිදුවන්නේ හෝ අධිකරණයෙන් නියෝග කෙරුණොත් පමණක් බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.