දහතුන දැනටත් ක්‍රියාත්මකයි නාමල් රාජපක්ෂගෙන් සජිත්,අනුරට උත්තරයක්


සුජිත් හේවාජුලිගේ


13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

13 වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බව පැවසූ මන්ත්‍රීවරයා මැතිවරණයක් ආසන්න වන විට 13 වැනි සංශෝධනය දේශපාලන අතකොළුවක් ලෙස යොදාගැනීම නතර කළ යුතු බවද ප්‍රකාශ කළේය. උතුරේ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් නොකරන්නැයිද 
ඔහු ඉල්ලා සිටියේය.
යුද්ධය පරාජය කර උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ සහ පළාත් සභා ඡන්ද පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව උතුරට ගොස් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොරු ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට පෙන්වා දෙන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා මේ අය අඩු තරමින් උතුරේ සංවර්ධනය ගැනවත් කතා නොකළ බවද ප්‍රකාශ කළේය. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් කරන මෙවැනි ජනතාව නොමඟයවනසුලු ප්‍රකාශ ගැන කනගාටු වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.