“සුරක්ෂා සිසු රක්ෂණය” සඳහා රක්ෂණ සමාගමෙන් ලැබෙන ප්‍රසාද දීමනා යොදවා ඉතාම අසරණ තත්ත්වයේ සිටින දරුවන් වෙනුවෙන් ස්ථාවර අරමුදලක් පිහිටුවන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
සමහර සැත්කම් සඳහා ලක්ෂ හතර, පහ වැයෙවන අවස්ථාවලදී වැඩිපුර වැය ෙවන මුදල සඳහා දිරිදීමක් ලෙස මෙ අරමුදලේ මුදලින් ආධාර කිරීමට බලාපොරොත්තු ෙවන බවද ඇමැතිවරයා පැවැසීය. අදාළ රක්ෂණ ආයතනය මෙවැනි විශාල මුදලක් යොදවා රක්ෂණ ආරම්භ කිරීමේදී ප්‍රසාද දීමනාවක් ලබාදෙන අතර එම මුදල කිසිවකුට පෞද්ගලිකව ලබා ගැනීමට නොදී මෙම අරමුදල පිහිටුවන බවද කාරියවසම් මහතා කියයි. රුපියල් මිලියන 100ක් මේ වෙනුවෙන් යොදවන බව අදාළ රක්ෂණ ආයතනය පොරොන්දුවී ඇති බවද ඇමැතිවරයා කියයි.