උතුරේ හිටපු මහ ඇමැති
(නිශාන්ත කුමාර බණ්ඩාර)
දැනට රට වැටී ඇති මූල්‍ය අර්බුදයෙන් හා දේශපාලන අස්ථාවර භාවයෙන් ගොඩ ඒමට නම් මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ හා
රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඒකාබද්ධ වී නව ගිවිසුමකට එළඹී ක්‍රියා කළ යුතු බව උතුරේ හිටපු මහ ඇමැතිවරයා අවාධාරණය කරයි.
එසේ නොමැති වුවහොත් තව තවත් රට අස්ථාවර වීම වැළැක්විය නොහැකි බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙයි.
පක්ෂ, පාට භේදයෙන් තොරව අස්ථාවර වී ඇති රට නැවත ගොඩගෙන ඉන්පසුව අවශ්‍ය නම් මැතිවරණයකට යා යුතු බව ඔහු පෙන්වා දෙයි.
2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සන්ධාන රජයක් පිහිටුවීමට ගිවිසුමක් අත්සන් කළ ආකාරයට මොවුන් තිදෙනා ගිවිසුමක් අත්සන් කළ යුතුය.
ඉන්පසු අවශ්‍ය නම් රට සහ මූල්‍ය අර්බුදය විසඳුනු වහාම මැතිවරණයකට යා හැකි බව විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙයි.
දැනට විපක්ෂනායක ධුරය දරන ආර්. සම්බන්ධන් මහතා ඒ තනතුර මහින්ද රාජපක්ෂ මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට බාර දිය යුතු බව ද ඔහු යෝජනා කර සිටියි.