නව මැතිසබයේ කතානායක බිමල්?


සුජිත් හේවාජුලිගේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බිමල් රත්නායක මහතා දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා වශයෙන් පත් කිරීමට යෝජනාවී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
හෙතෙම  මන්ත්‍රීවරයෙකු ලෙස 2017- 2020 අතර කාල සීමාවේදී (අට වැනි පාර්ලිමේන්තුවේ) කටයුතු කළේය. එසේම අමාත්‍ය විජිත හේරත් මහතා දස වැනි පාර්ලිමේන්තුවේ  සභානායකවරයා වශයෙන් පත් කිරීමට යෝජනාවී ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම ලබන 21 වැනිදා පැවැත්වේ.ස්ථාවර නියෝග අනුව ආරම්භක දිනයේදීම කතානායකවරයා සහ නියෝජ්‍ය කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් පත් කරගත යුතු වෙයි.