නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි පක්ෂ හා කණ්ඩායම් 616ක් ඡන්ද සටනට දිගාමඬුල්ලෙන් 64ක්


රංජන් කස්තුරි
පාර්ලිමේන්තු  මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර ගැනීම 11 වැනිදා අවසන් වූ  අතර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 690 ක් නාම යෝජනා පත්‍ර   දුන් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.
ඒ අතරින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 616  ක   නාමයෝජනා පත්‍ර පිළිගත් බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි. 
මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වැඩිම ප්‍රමාණයක් තරග කරනු ලබන්නේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙනි. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණන 64 කි.   
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අඩුවෙන්ම තරග කරන දිස්ත්‍රික්ක දෙක වන්නේ මොණරාගල සහ පොළොන්නරුවය.