උපුල් වික්‍රමසිංහ
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ සමාජ මාධ්‍ය ජාලවල පළ කරන ලද පෝස්ට් හැටකට ආසන්න සංඛ්‍යාවක් ඒවායෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙටා ආයතනයට යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරිනියක් ඉරිදා ලංකාදීපයට පැවසුවාය. මේ වනවිට ඒවායෙන් පෝස්ට් දහයක් පමණ ඉවත් කිරීමට එම ආයතනය පියවර ගෙන ඇතැයිද ඇය සඳහන් කළාය.
ඇතැම් යූටියුබ් නාලිකා හිමියන් මාධ්‍ය උපමාන උල්ලංඝනය වෙන ආකාරයට තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරමින් හෝ අගතියට පත් කරමින් හෝ ගෙන යන වැඩසටහන් පිළිබඳවද කොමිසමේ අවධානය යොමුව ඇති බව කී එම නිලධාරිනිය, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කළාය.
සමාජ මාධ්‍ය ජාලවල පළකරන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ පෝස්ට් හඳුනාගැනීමටත් ඒවා ඉවත් කිරීමටත් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර, එය මෙටා ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හිමි ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් ක්‍රියාත්මක වේ. මෙතෙක් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ ෆේස් බුක් සමාජ මාධ්‍යයෙහි පළ කරන ලද පෝස්ට් සම්බන්ධයෙන් බවද ඇය වැඩිදුරටත් කීවාය.