පළාත් ඡන්ද සඳහා එජාපයට අපේක්ෂක අයැදුම්පත් 30 දාහක්


(දයාසීලි ලියනගේ)  
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට අයදුම්පත් 30,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර, එයින් 1500කට අධික ප්‍රමාණය තරුණ කොටස්වලින් බව වාර්තා වේ.  

මේ අය තෝරා ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී කොට්ඨාස මට්ටමින් අපේක්ෂකයන් තේරීම පිළිබඳව විශේෂ උපදෙස් ලබාදුන් බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කීය.  


යොවුන් පාර්ලිමේන්තුවෙන් හා ජාතික ​ෙයාවුන් පෙරමුණෙන් තරුණ පිරිස්වලින් අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි ද කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ ක​ෙළ්ය.  


මෙයින් දැනට සම්මුඛ පරීක්ෂණවලට කැඳවා ඇති අයගෙන් තෝරාගත් නම් ලැයිස්තු පක්ෂයේ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා වෙත ඉදිරිපත් කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.