පළාත් රාජ්‍ය සේවයෙන් මධ්‍යම රජයට ස්ථාන මරුවීම් අත්හිටුවීම වැරදියි


ලංකා ගුරු සංගමයෙන් චෝදනා


ඉන්දික හේවාවිතාරණ
පළාත් රාජ්‍ය සේවයේ සිට මධ්‍යම රජයේ ආයතනවලට ස්ථාන මරුවීම් ලබා දීම අත්හිටුවීම නිසා පළාත් පාසල්වල සිට මධ්‍යම රජයේ පාසල්වලට ස්ථාන මාරු ලබා දීම නවතා දමා තිබෙන බවත්, මේ නිසා ගුරු ස්ථාන මාරුවීම්වලට දැඩි ලෙස බාධා සිදුව තිබෙන බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.වැරදියි 

පවතින තත්වය නිවැරදි කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට පවා දැනුම් දී තිබෙන බවත්, මෙම තීරණය පාසල් ක්ෂේත්‍රයෙන් ඉවත් කර ගුරු ස්ථාන මාරු නිසි ලෙස සිදුකරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ලබන වසරට අදාළව ජාතික පාසල්වල ගුරුවරුන්ට ස්ථාන මාරු ලබා දීමට අවශ්‍ය කටයුතු තවමත් නිසි ලෙස සිදුකර නොමැති බවත්, ඉදිරියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් වුවහොත් එම කාලයේදී ස්ථාන මාරුවලට අදාළ කටයුතු සිදුකළ නොහැකි වන බවත් හෙතෙම පැවසීය.