උපුල් වික්රමසිංහ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරම අනුව පැරණි ප්රභූ දේශපාලනය අවසන් වී ඇති බව ද දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතාවගේ යුගයක් බව ද ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙරේදා (15දා) එම පක්ෂයේ ප්රධාන කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ජාතික ජන බලවේගයට තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් ලැබී ඇතැයි කී හෙතෙම එම ජනවරම පරෙස්සමෙන් භාවිත කිරීමේ වගකීම පක්ෂයට ඇති බවත් ඒ සා විශාල ජනවරමකින් ජාතික ජන බලවේගය පිළිගැනීම සම්බන්ධයෙන් ජනතාව වෙත ස්තුතිය පුද කර සිටින බවත් ප්රකාශ කළේය.
ලද ජනවරම උපයෝගී කොට ගෙන හොඳ රටක් නිර්මාණය කිරීම සඳහා ග්රාමීය දිළිඳුකම තුරන් කිරීම, පිරිසිදු රටක් ගොඩනැගීම, ආර්ථිකය ගොඩනැගීම ඇතුළු අභියෝග රැසක්
ජාතික ජන බලවේගය හමුවේ පවතින බව ද ප්රධාන ලේකම්වරයා සඳහන් කළේය.
පැරණි දේශපාලනය අවසන්: දැන් උදා වී තිබෙන්නේ පොදු ජනතා යුගයක් - ටිල්වින් සිල්වා
Recommended Articles