උපුල් වික්‍රමසිංහ
බදු ගෙවීම පැහැර හැරීම මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වරදක් බවට පත් කිරීම හා මුදල් විශුද්ධිකරණයට අදාළ පැමිණිලි විමර්ශන කරන ආයතනවලට වැඩි බලතල පැවරීම ඇතුළු නව ප්‍රතිපාදන රැසක් ඇතුළත් පනත් කෙටුම්පත් තුනක් මේ වෙන විට අවසන් අදියරේ පවතින බව රජයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ පනත් කෙටුම්පත යන ඒවාට මේ වසරේ තුන්වැනි කාර්තුව ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ අනුමතය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ දැනට එවැනි වරදකට ලබා දෙන වසර 20ක සිර දඬුවම වෙනස් නොවෙන බවත්, විමර්ශන නිලධාරීන්ගේ බලතල වැඩි කර ඇති බවත් කී එම ප්‍රකාශකයා පවතින නීතිය යටතේ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ අෙයකුගේ දේපොළක් තහනම් කළ හැකි කාලය දින 7 ක් වුවත් මේ පනත් කෙටුම්පත් සම්මත වූ පසු ඒ කාලය දින 14 ක් දක්වා දීර්ඝ වෙන බව ද කීවේය.