බදු සහන දිගටම දුන්නොත් ණය ගෙවීමට බාධා - ආර්ථික විශේෂඥයෙක් කියයි


 


උපුල් වික්‍රමසිංහ


තවත් බදු අඩු කළ හොත් හෝ බදු සහන ලබා දුන හොත් 2028 දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15 ක මට්ටමට ගෙන ඒම දුෂ්කර වන බව ආර්ථික විශේෂඥයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය. ලබන වසරේ සිට උපයන විට ගෙවීමේ බදු අඩු කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව කීවේය.

ශ්‍රී ලංකාව 2028 සිට ලබා ගත් විදේශ ණය වෙනුවෙන් ණය හා පොලී වාරික ගෙවීම ආරම්භ කළ යුතු බවද බදු ආදායම් තවත් අඩු වුව හොත් ණය ගෙවීම අභියෝගයක් විය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වූ ගිවිසුමට අනුව වසර 2028 වන විට මෙරට ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15 දක්වා වැඩි කර ගත යුතුව ඇත.