බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700ක හිඟයක්


  • සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවයි

අමිල චින්තක ගමගේ
බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700ක පමණ හිඟයක් දැනට තිබෙන බව බන්ධනාගාර කොමසාරිස්  මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඒ අතරින් 900 ක් පමණ බඳවා ගැනීමට දෙපාර්තමේන්තුවෙන් දැනට අවසර ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය. 
යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර 26,500 ක් පමණ සිටි සිරකරුවන් ප්‍රමාණය මේ වන විට 30,000 ඉක්මවා තිබෙන හෙයින් බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බවද ඔහු පැවසීය.
බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය දීර්ඝකාලීනව තිබුණ බවත්, නව බඳවා ගැනීමෙන් පසු එම ගැටලු‍වට විසඳුම් ලැබේවි යැයි අපේක්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.