(අජන්ත කුමාර අගලකඩ)
බස්නාහිර පළාත තුළ ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ආරක්ෂිත ස්ථාන ගණනක් හඳුනාගෙන ඇතැයි මහනගර සහ බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
කොළොන්නාව, කඩුවෙල, බියගම, කැලණිය, බුලත්සිංහල ආදී ප්‍රදේශ කිහිපයක ස්ථාන මේ සඳහා හඳුනාගෙන ඇතැයි කී ඇමැති රණවක මහතා එම ස්ථාන ගුවනින් හා ගොඩබිමින් පහසුවෙන් ළඟාවිය හැකි ස්ථාන යැයිද සඳහන් කළේය.
එම ආරක්ෂිත ස්ථාන කරා ළඟාවීමට අවශ්‍ය විකල්ප මාර්ග හඳුනාගෙන සංවර්ධනය කිරීමටද පියවර ගන්නා බව ඇමැතිවරයා පැවසීය.