නිමල කොඩිතුවක්කු
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමෙන් මෙරට කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇතිවී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල තද වැසි සහ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (24) සහ හෙට (25) එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින කාලගුණ තත්ත්වයේ වෙනස්වීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.