නිමල කොඩිතුවක්කු
එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගය සම්බන්ධව උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් රෝහල් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මන්කිපොක්ස් රෝගයට වඩාත් හොඳින් සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කරයි.
ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කර ඇති බවද ඔහු පවසයි.
මන්කිපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනයෙහි ස්ථාපිත කර ඇතැයි ලේකම්වරයා සඳහන් කරයි. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කිපොක්ස් රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් පවතින බවද ඔහු පවසයි.
උණ, සමෙහි බිබිලි මතුවීම සහ වසා ගැටිති ඉදිමීම මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇත. රෝගය මේ වනවිට අප්‍රිකානු කලාපීය රටවල වේගයෙන් පැතිර ගොස් ඇති අතර 500 කට අධික පිරිසක් මියගොස් තිබේ.