මහ ඡන්දෙදි මාලිමාවට ලැබෙන ජනවරමෙන් ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා


උපුල් වික්‍රමසිංහ
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙන ජනතා වරම සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමෙන් ද නැතිනම් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමෙන් ද යන්න තීරණය කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල 
ඉරිදා ලංකාදීපයට පැවසීය. 

ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිද්දෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.