මාලිමාවේ රැලි රට පුරා


ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා සහභාගි වෙන ජනරැලි මාලාව වඩාත් තීව්‍ර ලෙස රට පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ අනුර කුමාර දිසානායක සහභාගි වෙන රැස්වීම් අගෝ. 27 දින මීගමුව, මිනුවන්ගොඩ, අත්තනගල්ල නගරවලද, සැප්.04 දා දිවුලපිටිය, කටාන, ජාඇල නගරවලද සංවිධානය කර තිබේ. අවසාන මහ රැලිය සැප්.18දා ගම්පහ නගරයේ දී පැවැත්වීමට නියමිත ය.