මැතිවරණ නිරීක්ෂණයට ජාජබ සැරසෙයි


 


පද්මිණී මාතරගේ 


ජනධිපතිවරණයට අදාළ මැතිවරණ කාලයෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීම් හා තොරතුරු ලබා ගැනීමේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක්, ස්ථාපිත කිරීමට ජාතික ජනබලවේගය  පියවර ගෙන ඇත.

ඒ අනුව හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් වූ අශෝක පීරිස්, තිස්ස වර්ණසූරිය, කේ. ජී. ලීලානන්ද, නීතිඥ අකලංක උක්වත්ත, පොලිස් සාමූහිකයේ ප්‍රධානී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) ගාමිනී නවරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජේ. ඒ. කේ. මාර්ක් සහ නියෝජ්‍ය පොලිස්පති ඩී. ගජසිංහ යන මහත්වරු මෙම මෙහෙයුම් කමිටුවේ කටයුතු කරති.

අදාළ මැතිවරණ කටයුතු උල්ලංඝනය කිරීම, නීති විරෝධී කටයුතු, ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි වාර්තා ලැබීමෙන් පසු ඒවා පිළිබඳව නීතිමය පියවර ගැනීමට අදාළව මැතිවරණ කොමිසමට හා පොලිසිය වැනි අදාළ පාර්ශ්වයන්ට දැනුම් දීම මෙහෙයුම් කමිටුව මගින් කිරීමට නියමිතය.

අංක 27/ඒ, දකුණු වටරවුම පාර, ජයන්ති පුර, බත්තරමුල්ල යන ලිපිනයට  හෝ දුරකථන අංක 0112796388, වට්ස්ඇප් 0714356301, 0777307409 අංකවලට සහ [email protected]ඊ මේල් ලිපිනයට ඕනෑම කෙනෙකුට මෙම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද ජාතික ජනබලවේගය පවසයි.