මැතිවරණ ප්‍රචාරණය සඳහා සජබෙන් කමිටුවක්


නිමල කොඩිතුවක්කු
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් 
විශේෂ කමිටුවක් පත් කිරීමට පක්ෂය තීරණය කර තිබේ.

මෙම කමිටුව සඳහා සමගි  ජන සන්ධානයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර්, ඩලස් අලහප්පෙරුම යන අය ඇතුළු පිරිසක් කටයුතු කරයි.
මහ මැතිවරණය සඳහා සිදුකරන සියලු‍ම ප්‍රචාරණ කටයුතු රැස්වීම් සහ මෙහෙයුම් කටයුතු මෙම කමිටුව යටතේ සිදු කෙරේ.
මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වන ප්‍රධාන රැලි සියලු‍ම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පැවැත්වීමටත් දිස්ත්‍රික් මට්ටමේ රැලි සහ ප්‍රාදේශීය මට්ටමේ රැලි තුන්දහසක් පමණ පැවැත්වීමටත් සමගි ජන සන්ධානය පියවර ගෙන තිබේ.