නිමල කොඩිතුවක්කු
අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂය සහ ඉන් කැඩී ගිය දක්ෂිණාංශික පක්ෂවලට දීර්ඝ කාලයක් තිස්සේ බලය හිමිව තිබූ මැද කොළඹ ආසනයේ බලය මෙවර ගිලිහී ගියේය.
ඒ අනුව මැද කොළඹ ආසනය වැඩි ඡන්ද 11,813කින් ජයගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. මෙවර මහ මැතිවරණයේදී මැද කොළඹ ආසනයෙන් ජාතික ජන බලවේගය ඡන්ද 39,160ක් ලබාගැනීමෙන් 51.47 ක ප්රතිශතයකුත් සමගි ජන බලවේගය ඡන්ද 27,347 ක් ලබා ගනිමින් 35.94 ක ප්රතිශතයකුත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඡන්ද 3,612 ක් ලබා ගනිමින් 4.75ක ප්රතිශතයකුත් ලබා ගත්තේය.
එක්සත් ජාතික පක්ෂයේ බලකොටුව ලෙසද මැද කොළඹ ආසනය සැලකේ. මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂය සහ ඉන් කැඩී ගිය සමගි ජන බලවේගය වැඩි ආසන ප්රමාණයක් ලබා ගන්නා නුවරඑළිය සහ මහනුවර ඇතුළු දිස්ත්රික්ක ජයග්රහණය කිරීමටද ජාතික ජන බලවේගය සමත් විය.
මැද කොළඹ දේශපාලන බලය වෙනස් වෙයි
Recommended Articles