නිමල කොඩිතුවක්කු
දැනට පවතින නිරිත දිග මෝසම් තත්ත්වය සැප්තැම්බර් මාසය වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ වැසි සහ
සුළං තත්ත්වය තවදුරටත්
අඛණ්ඩව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
ජුනි මුල් සතියේදී සුළං තත්වයේ තරමක් අඩු වීමක් පෙන්නුම් කළත් වැසි තත්වය තවදුරටත් එලෙසම පවතිනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ඒ මහතා කීවේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කි.මී. 40 ත්, 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.